නාවිකයන් 47ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට
- 15 07 2020
- 07:27
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් විදේශීය නාවිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඊට අමතරව ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9093 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැදී සිටි නාවිකයන් 17 දෙනෙකු රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත 7/15 අලුයම 4.30 ට මත්තල ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
