හිසෙහි ජටා බැඳ ගෙන නාවල ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද (18දා) අළුයම තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයන් පස්දෙනෙකු පොම්ප කරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.
ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්රීරෝද රථයකින් පැමිණෙන කොල්ල කරුවන් පස් දෙනා පොම්ප කරුවන් අසලට පැමිණ පහරදී ,පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය
කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි.
කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන් වී ඇත.
කොල්ල කරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මිරිහාන මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
