නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ හිග බදු ආදායම කෝටි 15යි, මුද්‍රා තැබීමේදී ගැටලුවක්
මහින්ද චින්තනය වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ 2130 ක පිරිවැයක් යොදා 2010 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු හිමියන් විසින් නගර සභාවට නියමිත පරිදි බදු නොගෙවු බවට පවසමින් අද උදෑසන නාවලපිටිය නගර සභාවේ නිලධාරින් එම කඩ සාප්පු මුද්‍රා තැබීම සඳහා පැමිණීමත් සමග කඩ හිමියන් සහ නිලධාරී අතරින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
2019 වසරේදී කොළඹ අභියාචනාධිකරනයේ සුපිරි වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 11 දෙනෙකු විසින් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් 13 දෙනෙකුටඑරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව 2025.06.02 වන දින ලබා දෙන ලදී.
ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරනලද නඩුව ගරු අභියාචනාධිකරණය විසින් නිස්ප්‍රභා කර ඇත. නඩු තීන්දුවට අනුව නාවලපිටිය නගර සභාවට මෙම වෙළඳ සංකීර්ණයෙන් ව්‍යාපාරිකයන්ගෙන් හිමි විය යුතු කෝටි පහළොවකට ආසන්න බදු මුදල් අය කර ගැනීමට නීතිමය බලය පවරා ඇත.
ඒ අනුව නාවලපිටියට නගර සභාවේ නිලධාරීන් විසින් සුපිරි වෙළද සංකීර්ණයේ කඩ කාමර 185ක් සහිත මෙම තෙමහල් ගොඩනැගිල්ල මුද්‍රා තැබීම සඳහා (22) දින පැමිණි පැමිණි අවස්ථාවේදී වෙළඳුන් හා නිලධාරීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
වෙළද සංකීර්ණයේ කඩ කාමර හිමි වෙළඳුන් ප්‍රකාශ කර සිටියේ මෙම ඉඩම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බවත් 2021 දී දුම්රිය සාමාන්‍ය සාමාන්යකාරී නාවලපිටිය නගර සභාවට අනවසරයෙන් මෙම භූමිය බදු දීම පිළිබඳ ලිඛිතව දන්වා 2021.03.31 දිනට නියමිත පරිදි බදු මුදල් නොගව ඇති වෙළඳුන්ට භූමියෙන් ඉවත්වන ලෙසත් දන්වා තිබෙන බවයි.
එවැනි පසුබිමක නගර සභාවට මෙම භූමියේ අයිතියක් නොමැති බවත්, මෙම වෙළද සංකීර්ණය එවකට රජය විසින් ඉදිකළත්, වෙළෙඳ ව්යාපාරිකයන්ගේනද් මුදලින් මෙම ගොඩනැගිල්ල ඉදි කිරිමට මුදල් ලබා ගෙන ඇති නිසා මේ පිළිබඳ තමන්ට සාධාරණයක් සිදු කරන තුරු මෙම ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට තමන් ඉඩ නොදෙන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.
තවද තමන් මුලින් එක් කඩ කාමරයක් සදහා ගෙවූ රු.1500 සිට රු.4500 දක්වා විවිධ මිල ගනන් යටතේ කුලී මුදල් ගෙව්වද වර්ථමානයේ එම කඩ කාමරවලට රු.23500 සිට රු. 40000 දක්වා අධික මුදලක් ගෙවීමට තක්සේරු කර ඇති බවත්, එම තක්සේරු මුදල අනුව ඇතැමි ව්‍යාපාරිකයන්ට රු.ලක්ෂ 15 සිට රු.ලක්ෂ 130 දක්වා විවිධ මිල ගණන් ගෙවීමට සිදු වී ඇති බවද ව්‍යාපාරිකයන් කියා සිටියහ.
මෙම මෙම ස්ථානයට පැමිණි ජාතික බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාවලපිටිය නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතාට ව්‍යාපාරිකයන්ගෙන් දැඩි විරෝධයක් මතුවිය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේ නාවලපිටිය ආසන සංවිධායකවරයා ප්‍රකාශ කර සිටියේ පැවති රජයන් හි අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් නාවලපිටිය නගර සභාවට පමණක් තනි අයිතිය තිබූ වෙලද සංකීර්ණය කඩා ඉවත් කර මෙම වෙළෙඳ සංකීර්ණයේ නිර්මාණය කර ඇති බවත්, මෙහි අයිතිය පිළිබඳ අධිකරණයෙන් ලබා දී තිබූ තීන්දුවට ගරු කරන මුත්, මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් අපහසුවට පත් නොවන ආකාරයෙන් සුදුසු තීරණ ගැනීමට තම රජය මැදිහත් වන බවයි.
මේ පිළිබඳ අප නාවලපිටිය සභාපති අමල් ප්‍රියංකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් විසින් ගොනුකර තිබූ නඩුව අධිකරණයෙන් නිස්ප්‍රභා කිරිමෙන් පසු අදාල කඩ හිමියන්ට නගර සභාවෙන් මේ පිළිබඳ නීත්‍යානුකූලව දැනුම් දී (22) දිනයේ එම කඩ කාමර මුද්‍රා තැබීමට නගර සභෘවේ නිළධාරින් එම ස්ථානයට ගිය බවයි.
එසේම මෙම තීරණය කිසිදු දේශපාලනික තීරණයක් නොවන අතර, ස්වාධීන කණ්ඩායමකට බලය හිමි නාවලපිටිය නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනා ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙම වෙළඳ සංකීර්ණය සම්බන්ධයෙන් නිත්‍යානුකූල ආකාරයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති බවත්, ඒ අනුව හිග බදු මුදල් කෝටි 15ක ට ආසන්න ප්‍රමාණය එකතු කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්, මෙම කඩ කාමවල සිටින ව්‍යාපාරිකයන් නිසි පරිදි හිග බදු මුදල් ගෙවන්නේ නම් එම කඩ කාමර නාවලපිටිය නගර සභාවට පවරා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොවන බවද සභාපතිවරයා කියා සිටියහ.
ව්‍යාපාරිකයන් නගර සභාවේ නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් කරන බවද නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

