නාවලපිටිය සභාපතිගෙන් නාවලපිටිය පොලීසියට චෝදනාවක්
නාවලපිටිය නගර සභාවේ මාසික සැසිවාරය එහි සභාපති (ස්වාධීන) අමල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින පැවැත්වුණි.
සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීනි පද්මිණි පටබැදිගේ මන්ත්‍රීවරිය විසින් තමන් මාස 9 කට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකළ අපහාසයක් පිළිබඳ නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකළ මේ වනතුරු ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා කිසිදු නීතිමය කටයුත්තක් නොකළ බව ප්‍රකාශ කර සිටියාය.
එසේම තමන් වත්මන් රජය යටතේ නීතිය සමානව සිදුවේ යැයි අපේක්ෂාවෙන් සිටියත් මෙතෙක් තමන්ට සාධාරණයක් නොවුණු බවත්, එනමුත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී නාවලපිටිය ආසනය නියෝජනය කරන තුෂාරි ජයසිංහ මහත්මියට එලෙස සිදුකළ අපහාසයක් පිළිබඳ දෙපාර්ශවය කැඳවා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එක රටක් තුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අයට එක නීතියකුත් සාමාන්‍ය පුරවැසියන්ට වෙනත් නීතියකුත් ක්‍රියාත්මක වේදැයි ප්‍රශ්නයක් මතුවන බව ඇය ප්‍රකාශ කළ සිටියාය.
අනතුරුව සභාපති කියා සිටියේ නගර සභාවක් හැටියට තමන් පොලිසියට කරන ලද පැමිණිලි කිසිවකට නාවලපිටිය පොලිසියෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
තවද, නාවලපිටිය පොලිසියෙන් තමන් කරන පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් සභාවේ කථා කිරිමෙන් අනතුරුව නාවලපිටිය පොලිසිය මගින් තමන්ව රථවාහන වැරදිවලට හසු කර ගැනීමට පියවර ගැනීමක් සිදු විය හැකි බවද සභාපතිවරයා පැවසීය.
මේ අතර, ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී ඒ.අසුරබලී මහතා සහ උප සභාපති කේ.සුරේෂ්වරන් මහතා අතර මාසික සභා රැස්වීමේදි දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර, දෙපාර්ෂවයේ උණුසුම් තත්වය පාලනය කිරිමට එක් වූ ජාතික ජන බලවේගයේ ඉම්රාන් පත්න මහතාද එක් වීමත් සමග සභාවේ උණුසුම් තත්වය වැඩි විය. එම උණුසුම් තත්වය පාලනය කිරිමට නගර සභාවේ සභාපතිවරයාට දිගු වේලාවක් ගැනීමට සිදු විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
