නාරම්මල - බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී අසල තිබූ බෝක්කුවක ගැටී පසු ව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තුන්දෙනෙකු යටකරගෙන ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනෙක් කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 56, 59 සහ 61 යන වයස්වල පසු වන නාරම්මල - බැඳිගමුව ප්රදේශයේම පදිංචිකාරිනියන්ය.