පවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06 ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 09 කට නාය යෑම් අනතුරු ඇඟවීම් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යල බලප්‍රදේශය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,රත්නපුරය දිස්ත්‍රික්කයේ කුරුවිට,ගොඩකවෙල සහ ඉඹුල්පේ හා රත්නපුරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශ සඳහා මේ නාය යෑම් අනතුරු ඇඟවීම කර තිබේ.
හෙට (12දා) සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, කළුතර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්රික්කයෙහිත් විටින් විට හමන පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැක.
තද සුළංවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.