නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණිකතත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාශ 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (12) දින පස්වරු 3.00 සිට අද (13) දින පස්වරු 3.00 දක්වා වු කාලය සඳහා වලංගු වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, උඩුනුවර කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දෙහිඹ්විට, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ටමේ විමසිල්මත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම ප්රදේශවල ජීවත්වන වැසියන් මේ පිළිබඳවදැඩි අවදානයෙන් සිටිය යුතු බවද එම සංවිධානය වැඩිදුටත් සඳහන් කරයි.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
