“විවිධ හේතු නිසා සමාජයක් බිද වැටිලා තිබෙන අවස්ථාවක රාජ්‍ය බිද වැටුණොත් ඒ රට ගොඩ නගන්න අපහසු වෙනවා. බොහෝ දෙනාට විවේචන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීම පිළිබඳව.අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තිබෙනවා.
මම දකින්නේ ඒක වෙන විදියකට එතුමාට තිබ්බා 88,89 වගේ ප්‍රේමදාස මහතා කරා වගේ 60000 ක් විතර තරුණයෝ ඝාතනය කරලා මේක මර්ධනය කරන්න, ජනාධිපති මන්දිරයට එද්දී ගහලා වෙඩි තියලා මර්ධනය කරන්න තිබ්බා නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම කරන්න සුදානම් උනේ නැති බව මා ප්‍රකාශ කරන්න කැමැතියි”
යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඔහු එසේ පැවැහුවේ පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විසින් මෙම දිස්ත්‍රික් සංවිධානය කර තිබිණ.
“ජනාධිපති මන්දිරයට එනවිට වෙඩි තියලා ගහලා මේක මර්දනය කරන්න තිබුණා. එහෙම කරානම් ආණ්ඩුව ආරක්ෂා වෙනවා. එදා ඔබ දුන් ජන්දයේ අයිතිය තහවුරු වෙනවා හැබැයි. තරුණ ව්‍යසනයක් මේ රටේ සිද්ධ රාජ්‍ය කඩා වැටෙනවා .එතුමාට තිබුන විකල්පය ආණ්ඩුව ආරක්ෂා කරනවාද? රාජ්‍ය ආරක්ෂා කරනවාද කියන එක.
ආණ්ඩුව අපිට ගොඩ නගන්න පුළුවන් හැබැයි බිද වැටුණ රාජ්‍යක් අපිට ගොඩ නගන්න අමාරුයි. විශේෂයෙන් සමාජය බිද වැටිලා තියෙන මොහොතක රාජ්‍ය බිද වැටුනාම ඒ රාජ්‍ය ගොඩ නගන්න අමාරුයි. එතුමා තීරණය කරා 69 ලක්ෂයක ජනවරමට පයින් ගහලා ආණ්ඩුව වැටුණට කමක් නැහැ අපි රාජ්‍ය ආරක්ෂා කරනවා කියලා. නැවත වතාවක් ඔබට පුලුවන් ඒ බිද වැටිච්ච ආණ්ඩුව ආරක්ෂා කරපු රාජ්‍ය තුල ගොඩ නගන්න.
අපේ ආණ්ඩුව තුළ විශාල වැඩ සටහන් රාශියක් කරා නමුත් ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත සමහර තීන්දු අපිට වැරදුණා. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොහොර රැපියල් 350 ට ජනතාවට ලබාදුන්නා. නමුත් පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සත් භාවයෙන් ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාවට වහ කැවීම නැවැත්වීමේ අරමුණින් පොහොර ගෙන්වීම නවත්වලා කාබනික වගාවට යොමු කරන්න තීරණය කරා.අපි කැබිනට් එකේදි මේ තීරණය වෙනස් කරන්න උත්සහා කරා. නමුත් බැරිවුණා.
ඒක අපි ගත්ත වැරුදි තීන්දුවක් විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි අම්මලා තාත්තලා ඉන්නේ ඒකෙන් ඔබට විශාල පහරක් වැදුණා. අපි දේශපාලන පක්ෂයක් හැටියට අපි කණගාටු වෙනවා. ඒක පසු කාලීනව නිවැරැදි කරා, නිවැරැදි කරාට අපි පරක්කු වැඩියි. අපිට සමහර තැන්වල අපේ පාක්ෂිකයට සලකන්ට බැරිඋනා මොකද හැමෝටම එක විදියට සලකන්න හදපු නිසා.
ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වේ දේශපාලන පක්ෂ බලන්න නැතුව වැඩ කරන්න කියලා. අපි එහෙම කරේ නැතුවට සමහර පක්ෂ නිළධාරි වැඩ කරේ පාක්ෂිකයින්ට පමණයි. පහුගිය කාලේ අපි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට කිව්වේ අපේ පක්ෂයේ බෆර් එක කියලා නමුත් පහුගිය කාලයේ අපිට ඒ අය අමතක වුණා. අපිට බෆර් එක මතක් වුණේ ඩැයිවර් බැහැලා ගියාට පස්සේ.කොහොම නමුත් අපි අපේ වැරැදි අඩුපාඩු හදාගෙන නැවත වරක් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්න පියවර ගන්නවා”
අම්පාර වසන්ත චන්ද්‍රපාල