වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය සමග සිටි සියලු රණවිරුවන් මේවන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත් වැල් බැද ගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විජේරාම නිවසට මැදවච්චිය පිරිස් ගිය සිදුවීම මුල්කරගනිමින් ආණ්ඩුවේ හැසිරීමේ ක්‍රියා දාමයට විරුද්ධව පසුගිය (24)සවස මැදවච්චිය නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රබල පාක්ෂිකයින් පිරිසක් මන්නාරම් මාර්ගයේ පිහිටි ගණ දෙවිකෝවිලට පැමිණි පොල් ගසා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුහ. එහිදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.
එහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබද සියලු දෙනා මේවන විට කළ කිරී ඇති බවත්, සිංහල සිරිත් විරිත් අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ගිය අවස්ථාව මුලකර ගනිමින් සිදු කරන ප්‍රකාශ පිළිබඳ කණගාටුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා එහිදී සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයාට 2029 වර්ෂයේ හැකිනම් ජනාධිපතිවන ලෙසට අභියෝග කරන බවත් 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට මෙරට විශ්‍රාමික රණවිරුවන් සැදී පැහැදී සිටි බවත් මේවන විට වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වටා සිටි රණවිරුවන් නාමල් මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවඳ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා එහිඳි සඳහන් කළේය.
දුටුගැමුණු රජ කාලයේ වත්මන් ආණ්ඩුවේ පිරිස් නොසිටීම හේතුවෙන් දුටුගැමුණු රජුට බෙල්ලට තොන්ඩුව නොවැටුණ බවත් එදා විජේරාම නිවසින් රණවිරුවෙකු ලෙස දෙයත් එක්කරමින් වැදලා ඉල්ලු දේ අද නැවතත් සැලුයුට් එකක් ගසා වත්මන් ජනාධිපතිවරයාටගන් දෙකෝටි විසි ලක්ෂයක භාරකරු ලෙස සිටින ලෙසට ඉල්ලා සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා, ප්‍රකාශ කළේය.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල