එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය. මන්ත්රීවරයා අද දිනයේදී යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.