හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සුලු පිරිසකගේ උපදෙස් අනුව බවත් අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පවා ඔහු නොපිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චන්න ජයසමුන මහතා පවසයි.
"අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පත්කර ගත්තේ අපි හිතුවා එතුමා අපි කියන විදිහට වැඩ කරයි කියලා. පළමු මාස කිහිපය එතුමා අපි කියපු විදිහට වැඩ කළා. නමුත් මාස කිහිපයක් යන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි කියන දේ කිසිම කනකට ගත්තේ නෑ.
අපිට ඇහුම්කන් දුන්නෙ නෑ. ඒක නිසයි මේ පරිහානියට ලක්වුණේ. අඩුම ගානේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන දේවත් ගෝඨාභය රාජපක්ෂ මැතුතුමා ගනන් ගත්තේ නෑ.
එතුමාට බලපෑම් කළේ එතුමා ඇහුවේ පවුලේ කිහිප දෙනෙක් කියපු කාරණා විතරයි. මේ දේ වුණේ නාමල් රාජපක්ෂ මැතිතුමා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා. අපි කියපු විදිහට වැඩ කළා නම් මේ තත්ත්වයට පත්වෙන්නේ නෑ.
සියලු පව් ටික කරගෙන නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ කරේ ගහන්න හදනවා මේ වැඩේ. නාමල් රාජපක්ෂ මැතිතුමනි සියලු පව් හෝදගන්න බෑ, ඔබතුමන්ලා කරපු දේවල් වල ප්රතිඵලයි මේ දැන් භුක්ති විදින්නේ මුළු රටම.
මේ පවට කර ගහන්න අපට බෑ. අපි දුන්න උපදෙස් පිළිපැද්දානම් මේ දේ වෙන්නෙත් නෑ. "