ශ්රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධව බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරු නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගෙන අද (18) දක්වා බන්ධනාගාරගත කළේය.
මේ අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය පසුගිය 16 වැනිදා නියෝග කළේය.
ශ්රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකේම මන්ත්රී නාමල් රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කර ඇත