එයාබස් ගනු දෙනුවේදී අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද (29) ප්රතික්ෂේප කොට ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කොට ඇත.
ඒ අනුව, නාමල් රාජපක්ෂ ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන් වෙයි. (I J)