නාමල්ගේ කුඩු නාවලපිටියට බේදූ සැකකරු අල්ලයි
කුලී ත්‍රී රෝද රථ රියදුරකු ලෙස කටයුතු කරමින් "යක්කල නාමල්" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙන විත් නාවලපිටිය ගිනිගත්හේන ගම්පොළ ඇතුළු බොහෝ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සැපයීම සිදුකර ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම් කුලතුංග මහතාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව නාවලපිටියේ ජයසුන්දර පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ආසන්නයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජාවාරම් කර ඉතුරුව තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 2450 ක් සමග 38 හැවිරිදි සැකකරු පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරු විසින් ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා දීම සඳහා ලබාදුන් තැපැල් කාර්යාලය පිටුපස මාර්ගයේ ඉකුත්දා නාවලපිටිය පොලිසිය විසින් වැටලු අවන්හල ඉදිරිපිට වෙළඳසැලක සහයකයෙකු ලෙස කටයුතු කරන 27 හැවිරිදි තරුණයකුත් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය පොලිසිය විසින් මීට මාස හතරකට ඉහතදී නාවලපිටියට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමත් සමග තමන් ත්‍රී රෝද රථ රියදුරුකු ලෙස පෙනී සිටිමින් අදාළ ජාවාරමට හවුල් වී නිරත වූ බව නාවලපිටිය පොලිසිය විසින් සිදු කල ප්‍රශ්න කිරිම් වලදී සැකකරු විසින් ප්‍රකාශ කර ඇත.
එසේම දින තුනකට වරක් කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන විත් ලෝකේෂන් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හරින අදාළ පුද්ගලයන්ට ඒවා බාරදීම සිදු කළ බවත්, පික්මී කුලී රථ සේවා ගාස්තුවට අමතරව එක් ගමන්වාරටන් සඳහා රුපියල් 15000හේ සිට 20,000 දක්වා මුදලක් ලබා දුන් බව මූලික පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
