නානුඔය හා බදුල්ල අතර රාත්රී දුම්රිය ගමන් නවතී
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස අද (26දා) සිට නැවත දැනුම් දෙන තුරු උඩරට ප්රධාන දුම්රිය මාර්ගයේ නානුඔය හා බදුල්ල අතර රාත්රි තැපැල් දුම්රිය ධාවන සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්රධාන මාර්ගයේ රාත්රි තැපැල් දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ නානුඔය සිට කොළඹ කොටුව දක්වා සීමා කර ඇති බවත්, අද සිට කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ගමන් ගන්නා දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 8.30ටත්, නානුඔය සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය නානුඔයෙන් පස්වරු 10.50ත් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
රාත්රි තැපැල් දුම්රියන් නානුඔය හා බදුල්ල අතර ධාවනය නොවන දිනවලදී නානුඔය සිට බදුල්ල කොටස ඇතුළත් වන පරිදි මුදලට ආසන වෙන් කරවා ගත් මගීන්ට එම වෙන් කළ ආසන ප්රවේශ පත්ර සඳහා මුදල්, වෙන් කිරීමේ පහසුකම් සහිත ඔීනෑම දුම්රිය ස්ථානයකින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත්, මේ සම්බන්ධයෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව ප්රකාශ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

