නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රියක්
දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයත් අරමුණු කර ගනිමින් නානුඔය සිට නුවරඑළිය ඔස්සේ උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා විදුලි දුම්රිය මාර්ගය කඩිනමින් ආරම්භ කරන බවය.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ඉදිකර ක්‍රියාත්මක කර පැවරීම යන ක්‍රමවේදය (බී.ඕ.ටී.) යටතේ ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා සුදුසු ආයෝජකයකු යොදා ගන්නා බවත් ය.
මෙම දුම්රිය මාර්ගය ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පහසුකම් ඇති ඇති බව ද පෙන්වා දුන්නේය.
මේ අනුව නව දුම්රිය ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි
popular news
-
Janabala asanagi Saturday, 22 April 2023 04:56 AM
Hirakamnkarapu sallivalin hadanava nam ok nathinam holt
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

