නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරා පෙබරවාරි 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා අද (22දා) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හොරණ කුඩාඋදුව ප්රදේශයේ පදිංචි ඉගුරගේ ඤාණරත්න (62) යන අයයි.
රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහා රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටයදී නානුඔය පොලිසිය විසින් රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී එම සැකකරුගේ රෝගි තත්වය පිළිබඳ සොයා බැලීමට නුවරඑළය දිස්ත්රික් මහා රෝහල වෙත ගිය මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දි ඇත.