ශ්‍රී ලංකාවට අවශ්‍ය නාන කාමර කට්ටල ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරපත් වූ යෝජනාවකට අනුමැතිය ලබාදිම කරුණු කිහිපයක් හෙතුවෙන් පසුවට කල් දැමිමට මුදල් කාරක සභාව තීරණය කළේය.
යම් හෙයකින් නානකාමර කට්ටල අනයනය තහනම් කළ හොත් මේ වන විට ටයිල් වලට අත්ව ඇති තත්ත්වය නානකාමර කට්ටල වලටද බලපා හැකි බවට කාරක සභාවේ සාකච්ඡාවට ලක්විය.
මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනිමේදී වඩාත් හොඳ විශ්ලේෂණයක් සිදුකළ යුතු බවට මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්ත මන්ත්‍රී ආචර්ය හර්ෂද සිල්වා මහතා පැවැසිය.