නාත්තන්ඩිය මැද තබ්බෝව ප්‍රදේශයෙ සුවිසල් දෙමහල් නිවසකට ඊයේ (27 දා) සවස කඩා වැදි ඇති සොර කණ්ඩායමක් නිවසෙ තිබු රුපියල් කෝටියකට ආසන්න රත්රන් පවුම් හා ඩෝලර් තොගයක් සොරා ගෙන ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ අදාල සුවිසල් දෙමහල් නිවසෙ මුළුතැන් ගෙයි ජනේලයක් විදුරු පිහියක් උපයෝගි කර ගනිමින් ගලවා නිවසට ඇතුල් වී ඇති බවයි. අදාල සොරකම සිදුවන අවස්ථාවෙදි නිවසේ කිසිවකු සිට නැති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
නිවෙස් හිමියා ව්‍යාපාරිකයකු බවත් ඔහු කුඹුක්කඩවල ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුත්තකට ගොස් සිට ඇති බවත් ඔහුගේ බිරිද දරුවා පාසලේ පංතියකට සහභාගිවි සිට රැගෙන ඒමට ගොස් සිටියදී මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය කියයි.
සුවිසල් දෙමහල් නිවසෙ උඩු මහලයෙ ආරක්ෂීතව තැම්පත් කර තිබු රත්රන් පවුම් 20 කට වැඩි ප්‍රමානයක් හා ඩෝලර් 6450 ක සංඛ්‍යාවක් මෙසේ සොරුන් විසින් සොරා ගෙන ගොස් ඇති බව නිවැසියන් පොලිසියට පැමිනිලි කර තිබුණි.




