නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත් මහතා පත්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂ ගෞරව උපාධියක් හිමිකරගෙන ඇති නිමේෂ් හේරත් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.
මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කොට ඇති අතර ආගන්තුක සත්කාර ක්ෂේත්රය සහ රාජ්‍ය අංශයේ ආයතනවල ව්‍යාපෘති කළමණාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර සංවර්ධනය, විකුණුම් සහ අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, ඇතුළු ක්ෂේත්‍ර රාශියක වසර 15කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත පුද්ගලයකි.