නාගයා එළවන්න ගිහින් ඇදවැටී මියයයි
නිවසට පැමිණි නාගයෙකු එළවා දැමීමට කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් නිවසට පිටුපසින් ඇති අගලකට ඇද වැටී ගලක හිස ගැටී සිදුවූ තුවාල නිසා මියයාමේ සිද්ධියක් බදුල්ල මහ රෝහලේදී බදුල්ල හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ලීලාරත්න මහතාගේ ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයදී අනාවරණය විය.
මෙසේ මරණයට පත්වූයේ බදුල්ල පස්සර පාර 2 කනුව ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් රිස්වාන් 30 නමැත්තෙකි. මරණකරුගේ බිරිඳ එහිදි සාක්කි දෙමින් මෙසේ කීවාය.
“අපේ ගෙදර ඉන්නේ මමත් මහත්තයත් විතරයි. මහත්තයා ත්‍රීවීලර් රස්සාව කරනවා. මෙදින උදේ විශාල නාගයෙක් අපේ නිවස තුලට පැමිණ තිබුණා. එම නාගයා කුස්සියේ සිටිනවා දැකලා මම බියවෙලා කෑ ගැසුවා. එවිට මහත්තයා දුවගෙන ආවා.
නාගයා පෙනේ පුම්බලා වහල දෙසට ඇදී ගියා මහත්තයා නිවසින් එළියට පැනලා පිටු පස්සෙන් ඇති වේල්ලදෙසින් ඌ එළවන්න දුවගෙන ගියා. ඒ දුවගෙන ය න විට මහත්තයා අල්ලා කියා කෑගසන හඩක් ඇසුනා.
මම දුවගෙන ගිහින් බලනකොට එම ස්ථානයේ ඇති වේල්ලට යටින් ඇළමාර්ගය ළග මත්තයා වැටි සිටියා ගලක හිස වැදී ලේගලමින් සිටියා .්
අපි කෝල් කරලා සුවසැරිය ගිලන් රිය ගෙන්නුවා . සුවසැරියෙන් ඇවිත් පරික්ෂාකර බලා කිව්වා මහත්තයා මිය ගිහින් කියලා. මෙම මරණය ගැන සැකයක් නැතැයිද ඇය කීවාය .
බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ආර්.එම්.බී.එස්. ගුණසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂනය පවත්වනලදී
ඉදිරිපත්වූ සාක්කි හා පශ්චාත් මරණය පරක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්වරයා, මෙම පුද්ගලයා නාගයෙකු එළවාදැමීමට සදහා කටයුතු කරමින් සිටියදී ඇද වැටී ගලක හිස ගැටී මෙන් සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව හදිසි මරණ පරික්ෂකවරයා තීන්දු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

