නාඋයනේ අරියධම්ම මහා නාහිමි ආදාහන පූජෝත්සවය
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්ස්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය සිදුවන ආකාරය මෙසේය.
2016 සැප්තැම්බර් 11 වැනිදා
	පෙ.ව.6.00        - කොට්ටාවෙන් පිටත් වීම
	                        (පොල්ගස්ඕවිට සඟ පිරිස ප්‍රධාන දායක පිරිස විසින්)
පෙ.ව.7.00 - ශ්‍රී කල්යාණධර්ම ආශ්රමයට දේහය රැගත් පෙරහර ළඟාවීම හා සඟ පිරිස විසින් ප්‍රධාන දොරටුවෙන් ශ්‍රී දේහය පිළිගැනීම
	
2016 සැප්තැම්බර් 12 වැනිදා
අළුයම 5.00 භික්ෂූන් වහන්සේලා විසින් පවත්වනු ලබන පාංශකූල චාරිත්‍රය
ආදාහන මහෝත්සවය
ප.ව. 1.00 බෞද්ධාලෝක මාවතේ සිට ආදාහන පෙරහර ආදාහන මළුව වෙත පිටත්වීම
ප.ව. 2.00 ආදාහන පෙරහර පාර්ලිමේන්තු වටරවුමට සම්ප්රාප්තවීම
ප.ව. 2.15 පාර්ලිමේන්තු වටරවුමේ සිට පාගමනින් ආදාහන පෙරහර පිටත්වීම
ආදාහන මළුවේ න්‍යාය පත්‍රය
3.10 - 3.20 සමාරම්භක නිවේදනය හා ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේලාගේ පණිවිඩ, ජනාධිපතිතුමාගේ පණිවිඩය, අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩිය, කථානායකතුමාගේ පණිවිඩය, ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ පණිවිඩය, මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය ඇතුළත් අපවත් වී වදාළ අනුනාහිමි චරිතාපදානය ආදාහනෝත්සව සභාව වෙත පිළිගැන්වීම
3.20 - 3.25 පිරිස පංච ශීලයෙහි පිහිටුවීම (ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ සභාපති ධුරන්දර අතිගරු පූජනීය පහලවිටියල ජනානන්ද නාහිමිපාණන් වහන්සේ විසිනි)
3.30 - 3.45 පිළිගැනීමේ කතාව (ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ ලේඛකාධිකාරී ධුරන්දර අතිගරු පූජනීය කහගොල්ලේ සෝමවංශ මාහිමිපාණන් වහන්සේ විසිනි)
3.45 - 4.00 පාංශකූල චාරිත්‍ර (ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු පූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ විසිනි.)
පැවිදි අනුශාසනා
4.07 - 4.12 සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක දර්ශනපති අතිගරු පූජනීය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන් වහන්සේ.
4.14 - 4.19 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල මහා නාහිමිපාණන් වහන්සේ.
4.21 - 4.26 අමරපුර මහා සංඝසභාව වෙනුවෙන් අතිගරු පූජනීය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ.
4.28 - 4.33 ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ උපප්‍රධාන අනුශාසක ධුරන්දර අතිගරු පූජනීය මීතලාවේ විනීත නාහිමිපාණන් වහන්සේ.
4.35 - 4.40 කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ.
4.42 - 4.47 නාඋයන අරණ්‍ය සේනාසනාධිකාරී කම්මට්ඨානාචාර්ය අඟුල්ගමුවේ අරියනන්ද නාහිමිපාණන් වහන්සේ.
ගිහි අනුශාසනා
4.50 - 4.55 මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමස්ත දායක සභාව වෙනුවෙන්.
4.58 - 5.03 ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා.
5.05 - 5.10 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
5.12 - 5.17 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.
ස්තූති කතාව
5.19 - 5.24 ස්තූති කතාව - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංඝ සභාවේ ලේඛකාධිකාරී ධුරන්දර අතිගරු පූජනීය කහගොල්ලේ සෝමවංශ මාහිමිපාණන් වහන්සේ.
ප.ව. 5.26 ශ්‍රී දේහය චිතකය වෙත වැඩමකරවීම සහ ආදාහන කටයුතු සිදුකිරීම.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                