නව හැවිරිදි බාල වයස්කාර දියණියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් රුපියල් විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි හා දඩ මුදල් නොගෙව්න්නේ නම් තවත් මාස තිහක ලිහිල් සිර දඩුවම් ලබාදෙන ලෙසත් අද (29දා) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ බරපතල වැඩ සහිත සිර දඩුවම්,වන්දි හා දඩ මුදල් ගෙවීම්ට නියෝග කෙරුණා ඇල්පිටිය උඩුවිල විවේක සේනාසනයේ වැඩසිටි උඩුවිල සුජාත නමැති හිමි නමකටය.
පියා දමා ගොස් සිටියදී මව කුලී වැඩ කරමින් රැක්ක මේ දැරිවිය නැති බැරි කමට මේ විහාරස්ථානයේ වැඩපල කරමින් සිටියදී සැකකාර හිමි නම 2009 සැප්තැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මේ දැරියට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කියමින් ඇල්පිටිය පොලීසිය විසින් මේ හිමි නම සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන හිමි නමට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලදි.
වසර දාහතරක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ විභාගවූ මේ නඩුව තීන්දුව අද (29දා) ප්රකාශයට පත් කළේ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතායි.