අපි බලාපොරොත්තු වුණු වේගයට රට ගෙනයන්න බැරි වුණු බවත් අකමැත්තෙන්වුවත් බඩු මිල වැඩි කරන්න සිදුවූ බව හා ජනතාව පෝලිමේ තියන්න සිදුවූ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(15) අම්බලන්ගොඩ මාදම්පාගමදී කීවේය.
කොවිඩ් ආසාදිත නොවන මෘත දේහ සම්බන්ධයෙන් මළ සිරුර මුදාහැර පැය 24ක් තුල පැවැත්විය යුතු අතර ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයන් 20 දෙනෙකුට පමණයි.
ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව විභාග ඵැවැත්විය හැකි අතර උපකාරක පන්ති සඳහා තවදුරටත් අවසර හිමිවන්නේ නැත.
පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණයි.
පොදු ප්‍රවාහන සේවාවන්වලදී වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි. සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටීම ද අත්‍යවශ්‍ය වනවා.
තවදුරටත් ආයතනවලට පැමිණෙන සේවකයන් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුයි.
අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙක් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් 21 වනදා අලුයම 4 දක්වා බලපැවැත්වෙන අතර අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ද අවසර හිමිවන්නේ නැත.
පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර හිමිවන්නේ නැත.
විශේෂිත උත්සවවලදී වෙනම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියි.
කිරි දෙන මව්වරුන් ඔවුන්ට හිමි නිවාඩු කාලයෙන් පසුව සේවයට වාර්තා කළ යුතුයි. නැවත දැනුම් දෙන තුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැත.
පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන ආකාරයට සිසුන් 200ට අඩු ගණනක් ඇති පාසල් පළමුවෙන් විවෘත කළ හැකියි.
විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි අතර පැමිණීමෙන් සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුයි.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘතව පවතියි.
පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබේ.
වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවසර ලබාදී තිබේ.
සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයෙන් ලබන 21 වනදා සිට පවත්වාගෙන යාමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත.
මංගල උත්සව සඳහා ඇතුලත් කර ගත හැකි පුද්ගලයන් ගණනින් සියයට 25ක ප්‍රමාණයක් පිරෙන ආකාරයට උපරිම පුද්ගලයන් 50 දෙනෙකුට සීමා කර සිදු කළ යුතුයි.
අවන්හල් තුල මත්පැන් භාවිතය තවදුරටත් තහනම්. අවන්හල්වල එළිමහන් ආසන සැකසීමේදී ගනුදෙනුකරුවන් 60ක් ඇතුලත් කර ගැනීමට ලබන 21 වනදා සිට අවසර හිමි වෙයි.
එළිමහන් උත්සවයක් නම් ඒ සඳහා 75 දෙනෙකුට සහභාගී වීමට අවස්ථාව හිමිවෙයි.
බාබර් සහ රූපලාවන්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.
පරිභෝජනය කරන අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගත හැකි අතර උපරිමය ගනුදෙනුකරුවන් 50කට සීමා වෙයි.
ලබන 31 වනදාට පෙර පවතින තත්වය සමාලෝචනය කරන අතර පවතින තත්වයට අනුකූලව ඉදිරි මාසය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියි.





