නව සන්ධානයකින් ඉදිරියේදී මැතිවරණයකට
නව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
බත්තරමුල්ලේ ඊයේ (15දා) පැවැති උත්සවයකින් අනතුරුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගත වන්නේ දැයි මාධ්‍යවේදීයෙකු නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැන් පවතින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් බවයි.
මේ දෙපාර්ෂවයම අත්දැකීම් බහුල කණ්ඩායම් දෙකක් බවත්, එබැවින් සංධානගත වීම පිළිබඳව ගැටළුවක් නැති බව පැවසු ඇමතිවරයා දැනටමත් තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙම සංධානයට එකතු කර ගැනීමට සාකච්ඡා සිදු කෙරෙන බවද අවධාරණය කළේය. මේ වනවිට තම පක්ෂය දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානම් බව පැවැසු ඇමතිවරයා ඉදිරි ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකි බවටද විශ්වාසය පළ කළේය.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාද නව සංධානයක් පිහිටුවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව ද මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ කවුරුන් හෝ සංධානගත වී සියලු දෙනා එක තැනකට පැමිණෙන්නේ නම් හොඳ බවයි.
popular news
-
Chathuri Saturday, 17 December 2022 12:45 PM
කාලකන්නි. රට වැටිලා තියෙන වේලවෙ ඉල්ලා අස් වෙන්නෙ නැතිව වෙනත් පක්ශ වලින් එන්න හදනවා. හැව ඇරියට. නයා ගෙ වෙනසක් නැහැ. හිතන් ඉන්නෙ මුන් ලොකු කෙරුමො කියලා. බඩලොකු කලකන්නි කොටි දෙකක්වත් නැති රටක් පලනය කරන්න බැරි මිහරක්. තොපි ඉන්න කන් මේ රට අජුතයි. මුගෙපවුල මහින්දයාගෙ පවුල. මුන් තමයි රට කෑවේ. මුන්ව එල්ලන්න ඕන දිවෙන්. හුස්මටික යනකම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

