නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලබා දි තිබේ.
නිසි පරිදි හඳුනාගැනීමකින් සහ විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටු විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තු ගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත ව්‍යාපෘති පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ස්ථාපිත කෙරෙයි.