තමාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුළ පළකරන බවත් තමන් උපයා ඇති සියලු ධනය නිත්‍යානුකූලව උපයා ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවට සටහනක් පළකරමින් ඔහු පවසන්නේ මේ වන විට ජනතාව ක්‍රියාත්මක කරන අරගලයෙන් පසුව බිහිවන නව රජයේ විගණනය තම ව්‍යාපාරයෙන් ආරම්භ කරන ලෙසයි.
එසේම තමා සතු වත්කම්වලට වගකිවයුතු පුරවැසියෙක් ලෙස තමන් ආදායම් බදු ගෙවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.