නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලය මගින් ක්රියාත්මක කිරීම ඊයේ (19) ආරම්භ කළේ ය. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ( විශ්රාමික) තුෂාර ප්රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව , ප්රවාහන අමාත්යංශයේ අනුමැතියෙන් මෙම ක්රියාමර්ගය ගෙන තිබේ.
මේ සමඟ නව යතුරු පැදි ලියාපදිංචියට කොලඹ කාර්යාලය වෙත යාමට සිදුවීමෙන් මහජනතාවට ඇති වූ දුෂ්කරතාව මගහැරේ. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ප්රාදේශීය කාර්යාලයන් වෙත විමධ්යගත කිරීමේ පියවරක් වශයෙන් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත.
මෙම නව යතුරු පැදි ලියාපදිංචිය කිරීමේ කාර්යය අනුරාධපුර ප්රාදේශිය කාර්යාලය සහ ගම්පහ, කුරුණෑගල , යාපනය හා හම්බන්තොට යන ප්රාදේශීය කාර්යාලයන්ගෙන් ද සිදුකර ගත හැක.