නව පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි තත්වයකට අද වන විට පොලිසියේ විනය පිරිහී ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා නිලධාරීන්ට විවිධ විනය චෝදනා එල්ල වී ඇති බවත් එලෙසින්ම අංක අටේ සිට පහලටද එවැනි තත්ත්වයක් දක්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (08දා) මහනුවර සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ මහනුවර සෙංකඩගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
නව පොලිස්පතිවරයකු පත් නොකර සිටින පොලිස්පතිවරයාට මාස 03 ක සේවා දිගුවක් දීමට තරම් පොලිසියේ විනය පිරිහී ඇතැයි ද ඒ මහතා එහිදී පැවසීය.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටියදී විශ්‍රාම ගිය පොලිස්පතිවරයාට නැවත සේවා දිගුවක් දීමට සිදුවීම තුළින් පැහැදිලි වන්නේ රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින කණ්ඩායම පත්වී සිටින තත්ත්වය යැයි ද ඒ මහතා අවධාරණය කළේය.
පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක වන තෙක් රටේ නීතිය හා විනය ක්‍රියාත්මක වන බවත් එසේ නොවුණහොත් විනය නීතිය පමණක් නොව පරිපාලනය ද බිඳ වැටෙන බවද මහලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න