නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ කටයුතු සියල්ල සූදානම් කර තිබේ.
ඒ අනුව ඉතාලියේ වේලාවෙන් පස්වරු 4.30ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වන අතර, පළමුවෙන් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා දී ඇති කාදිනල්වරු දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එම දිවුරුම්දීම ඇතුළු සියළු කටයුතු පිළිබඳ තොරතුරු ඉංග්රීසි, ස්පාඤ්ඤ සහ ඉතාලි සංඥා භාෂාවට අමතරව භාෂා 11 කින් සජීවීව විකාශය කෙරේ.



