ශ්‍රී ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අඅදහස් දක්වමින් අමාත්‍ය වරිය මේ බව සඳහන් කළා ය.
ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නව තෙත් බිම් කලාප ලෙස 2024 වසර ඇතුළත නම් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙහිදී වාන්කලෙයි අභයභූමිය, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතිබව අමාත්‍යවරිය පැවැසුවාය.
මේ අතර මිරිස්ස සමුද්‍රීය අභයභූමිය ද මේ වසර ඇතුළත ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.