නව ක්‍රිකට් පනතට කැබිනට් අනුමැතිය
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම පතක් සකස් කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලන කරණය, පාලනය කිරීම්, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටු වීම සඳහාද, යහපාලනය, සුපිළිපන්න භාවය, විනිවිද භාවය, වගකිවයුතු භාවය, ඇතුළත් භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද, සියලු සහභාගි වන්නන්ගේ සුබ සාධනය ආරක්ෂා කිරීම හා දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම් වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා නෛතික විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත.
එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.එකී පනත් කෙටුම්පත රජයේ ගැසට පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

