නව කැළණි පාලම් ව්‍යාපෘතියේ වැඩ අඩක් අවසන්
ශ්‍රී ලංකාවේ පළමු අධිතාක්ෂණික කේබල් මත පිහිටන පාලම වන නව කැලණි පාලම් ව්‍යාපෘතියේ වැඩකටයුතු 52%ක් අවසන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරැ නිහාල් සුරියආරච්චි මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපතිය මගින් කොළඹ නගරයේ ඉදිවෙන සියලු කුලුනු මතින් ඉදිවෙන අදිවේගී මාර්ග කටුනයක අදිවේගී මාර්ගයට සම්බන්ධ කිරීම සැලසුම් කර තිබේ.
ඒ අනුව කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකි වන බවද සභාපතිවරයා පැවසීය.
මේ වනවිට නව කැලණි පාලම සිට වරාය නගරයට දිවෙන කුලුනු මත ඉදිවෙන මාර්ගයේ ඉදිකිරීම්ද ආරම්භ වී ඇති බවත්, කොළඹ මාර්ග පද්ධතියට 2000 වසරේ ඉදිවූ බේස්ලයින් මාර්ගය හැරුණු විට, 2015 තෙක් වසර 15කදී කිසිදු නව මාර්ගයක් ඉදිනොවුණු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව 2020 අගෝස්තු මාසය වනවිට කොළඹ රථවාහන තදබදයේ 50% අවම කරගැනීමට හැකිවන බව මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාප්තිය මගින් කොළඹ අනවසර ඉදිකිරීම් ඇතුළු පවුල් 450ක් නව තට්ටු නිවාස සඳහාද, රාජ්‍ය ආයතන නව කාර්යාල ගොඩනැගිලිද ලබාදී අවසාන බවත්, ජපාන ජයිකා ආයතනයේ 0.1%ක සහන පොලී ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, නව කැලණි පාලම් ව්‍යාප්තියේ ඉදිකිරීම් කටයුතු 2017 දෙසැම්බර් මස ආරම්භ කළ බවත් සභාපතිවරයා පවසා සිටියේය.

popular news
-
janahitha Saturday, 12 October 2019 03:54 PM
පරණ පාලමේ අපි යන්නෙයි අලුත් පාලමේ ඇමතිගොල්ල යන්නයි වේවිද මන්ද මේක විවුර්ත කරන්න තිබුනේ 2018 නේද ලොක්කෝ
Reply : 9 6
Himodya Monday, 02 November 2020 08:41 PM
As dekenma dakinna pulpuluwannam godak hodai. Eth dan thiyena thathwe nisa apita gein eliyatawath bahinna widihak nahane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

