නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් රාජකාරී අරඹයි
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන මහත්මිය සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහතා අද (06) පෙරවරුවේ මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරුවල වැඩභාර ගන්නා ලදි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු ලැබුවාය.
කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කර ඇති අතර, දීප්ති සුමනසේන මහත්මිය පරිපාලන සේවයේ දීර්ඝ කාලීන හසල අත්දැකීම් ඇති මහත්මියෙකි.
ඉහත රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවන්ට මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චාමික ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි ඩී. නිලුකා රාමනායක, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්යක්ෂ එච්.ටී.ඩබ් චතුරංග යන මහත්ම මහත්මීන් ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

