නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා සිටියි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා, පත්කරන ලද කමිටුව විසින් මෙය සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
කමිටුව සකස් කර අවසන් කරන ලද අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති රජයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022 ජනවාරි මාසයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවධානය යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කර සිටියි..