නව අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) සහභාගිවිය.
දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා (Tarique Rahman) අතර විශේෂ හමුවක් ද ඊයේ පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්විණි.
මෙහි දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතාහට සුභ පැතුම් එක්කළ අතර, පසුගිය දිට්වා සුළි කුණාටු අවස්ථාවේ දී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව ද පළ කර සිටියේය.
එමෙන්ම බංග්ලාදේශයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදනය සදහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ජා විය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝ කාලීන මිතුදම මෙන්ම, ඉදිරියටත් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබදවත් මෙහි දී සාකච්ඡාවට ගැණුනු අතර රජයේ වැඩපිළිවෙල පිළිබදවත්, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන් මඟ පිළිබදවත් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
