දිවයිනේ ප්රදේශක කිහිපයකින් සොරකම්කරන ලද ගවයින් මස්කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු සහ ඊට අනුබල දුන් බවට සැකකරන කාන්තාවක් සහ පිරිමියෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.
සැකකරුවන් නාත්තන්ඩිය,ඇහැලියගොඩ සහ කොළඹ 12 පදිංචිකරුවන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඒ අතර අඹු සැමි යුවළක්ද වන බවත් කියයි.
සොරකම් කරන ලද ගවයින් ප්රවාහනය කිරීම සඳහා සැකකරුවන් විසින් යොදා ගත් මෝටර් වෑන් රථ 03 ක්ද,ගවයින් සොරකම් කිරීම සඳහා තොරතුරු රැස් කිරීමට ගමන්ගත් බව කියන ත්රී රෝද රථයක්ද මෙහිදී පොලිස් බාරයට ගෙන ඇති අතර ත්රිරෝද රථය හැර අනෙකුත් වාහන සැකකරුවන් විසින් කුලී පදනමට ලබාගත් ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
ඉකුත් 23 වැනිදා අලුයම 3.00 ට පමණ නාත්තන්ඩිය නගරය හරහා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් නවත්වන ලෙස නගරයේ රාජකාරි කරමින් සිටි මාරවිල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සංඥාකර ඇති අතර එහිදී පොලිස් අණ නොතකා නගරයේ අතුරු මාර්ගයක් ඔස්සේ වෑන් රථය පළා ගොස් ඇති බවත් අනතුරුව එම වෑන් රථය ගසක ගැටී අනතුරට පත්ව නැවතී ඇති බවත් මෙහිදී එහි සිටි අය පළා ගොස් ඇති බවත් කියයි.
ඒ අනුව මෙම වෑන් රථය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට අදාළ ගව සොරකමේ සුල මුල අනාවරණයකර ගැනීමට හැකිවී ඇති බවද කියයි. පසුව නාත්තන්ඩිය යටකලාන ප්රදේශවාසීන්ගේද සහාය ඇතිව ත්රී රෝද රථයක ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයෙකු සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන පසුව අධිකරණ නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමේදී ගව සොරකමේ සුල මුල අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී ඇත.ඒ අනුව සෙසු සැකකරුවන්ද,සොරකම් කරන ලද ගවයින් ප්රවාහනයට යොදා ගත් වාහනද පොලීසිය විසින් පසුව සොයා ගෙන ඇත.
සැකකරුවන් විසින් මාදම්පේ,මාරවිල,කොස්වත්ත,කදානේගෙදර සහ වැලිපැන්නලහමුල ප්රදේශවල ගව සොරකම් 11 ක් පමණ සිදු කර ඇති බවට මේ වන විට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඇතැම් සිට මොවුන් විසින් මීට වඩා සොරකම් සිදු කර තිබෙන්නට ඉඩ ඇති බවට සැකකරන පොලීසිය සැකකරුවන් විසින් සොරකම් කරන ලද ගවයින් අතරින් 06 දෙනෙකුසොයාගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්රදේශයේදීයසෙසු ගවයින් මස් කර ඇති බවට පොලීසිය සැක පහල කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන 30 වැනිදා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි


