අධිනීතිඥ නවීන් දිසානායක මහතා හෙට (15දා) සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගන්නා බව සබරගමු පළාත් ප්රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
සබරගමු පළාත් ප්රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුයේ හෙට පෙරවරුවේ රත්නපුර ඵෙතිහාසික සුමන සමන් දේවාලය වැද පුදා ගැනීමෙන් අනතුරුව රත්නපුර නවනගරයේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි පළාත් ආණ්ඩුකාර නිල කාර්යාලයේ දී ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගන්නා බවය.