නවසීලන්ත ජාතික කාන්තාවකට අතවර කල බවට සැකපිට උණවටුන ප්රදේශයේ විහාරස්ථානයක හිමි නමක ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව උණවටුන සංචාරක පොලීසිය පවසයි.
වයස අවුරුදු පනහක් වන අදාල නවසීලන්ත ජාතික කාන්තාව විසින් උණවටුන සංචාරක මුරපලට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම හිමිනම උණවටුන සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සංචාරක කොට්ඨාසයේ අධ්යක්ෂක සහකාර පොලිස් අධිකාරි ප්රභාත් විදානගමගේ මහතාගේ නියෝග පරිදි උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්රියංකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (68102 ) රණසිංහ,පොලිස් කොස්තාපල් ( 59433 ) ජයන්ත,කාන්තා පොලිස් කොස්තාපල් (8099) දිල්රුක්ෂි යන නිලධාරීහු අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට පත් අදාල සැකකාර හිමිනම අද (17) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.