නවසීලන්ත අගමැතිනී ලංකාව ගැන කථා කරයි
ආර්ථික අර්බුදය මධ්‍යයේ දීප ව්‍යාප්ත විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පවසයි.
“නවසීලන්තය සඳහා විදේශ ප්‍රතිපත්ති ඇඟවුම් සම්බන්ධයෙන් ගත් කල, ඉදිරි පැය 24 තුළ අමාත්‍යාංශයෙන් අමතර විස්තරයක් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙමි,” අගමැති ජසින්ඩා ආර්ඩර්න් ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් පවසයි.
මේ අතර ශ්‍රී ලංකා නායකත්වයේ ක්‍රියා පිළිවෙත හෙළා දකින ලෙස නවසීලන්ත රජයට බලකරමින් නවසීලන්ත ශ්‍රී ලාංකිකයින් පෙත්සමකට අත්සන් තබයි.
අඇය ශ්‍රී ලංකාවේ නායකත්වය හෙළා දකිනවාද යන්න ඇසූ විට, ආර්ඩෙන් අදහස් දැක්වීම මොහොතකට නතර කළ අතර ශ්‍රී ලාංකික ජනතාවගේ වැඩෙන කලකිරීම ඇය පිළිගත්තේය.
"එය ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ දේශීය වශයෙන් ඉතා කැලඹිලි සහිත කාලයක්" යැයි ඇය පැවසුවාය.
popular news
-
Seewaka thero Thursday, 07 April 2022 02:15 PM
බැසිල් කැබිනට් එකේ නොහිටියත් අවසාන තීරකයා ඔහුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

