ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ඉදිරි දින තුන සඳහා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙම මස 5 සහ7 වැනි දෙදින තුළ පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ වශයෙන් සීමා කෙරෙන අතර 06 වැනි දින එම කාලසීමාව තුළ වාහන ගමනාගමනය සම්පූර්ණ වශයෙන් සීමා කෙරේ.
මෙම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් හරස් මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම මෙම කාලසීමාවේ දුම්රිය හරස් මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ප්‍රකාශ කරයි.