නවගමුව පොලිස් වසමේ කොරතොට ප්රදේශයේදී ඊයේ රාත්රී සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා හෝමාගම රෝහල වෙත මාරුකර යවා ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 26 ක් වූ කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.