නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්රෝලර්යාත්රා යළි ඉන්දියාවට
ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 13ක් ඊයේ (26) දින නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.
නාවික හමුදාව විසින් වෙරලාරක්ෂක නිලධාරීන්ගේද සහය ඇතිව අදාළ ට්‍රෝලර් යාත්‍රා භාර දීම සිදු වූ අතර පසුගිය දිනයන්හි අවස්ථා කිහිපයක අත්අඩංගුවට පත් අදාළ ට්‍රෝලර් යාත්‍රා කරෙයි නගර් සහ නච්චිකුඩා නාවික හමුදා ජැටියන්හි නැංගූරම් ලා තිබුණු අතර අදාළ ධීවර යාත්‍රා නැවත රැගෙන යාමට පෙර අලුත්වැඩියා කිරීමක්ද සිදු කොට භාර දී ඇත.
අලුත්වැඩියා කරන ලද ධීවර යාත්‍රා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් විසින් ඉන්දියාවට භාර දීම සිදුවූ අතර අදාළ ධීවර යාත්‍රා භාර ගැනීම සඳහා ඉන්දීය වෙරලාක්ෂක බලකායට අයත් අමේයා නෞකාව එක් වීය.
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා භාර දෙනු ලැබූ යාපනය කන්කසන්තුරෙයි උතුරු මුහුදු තීරයේ පිහිටි අන්තර්ජාතික මුහුදු තීරයේදීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

