විශ්වවිද්‍යාලය වල සිසුන්ට නවක වදය ලබා දී මේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
ඉකුත් දින කීපය තුළ කැලණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය සංගමයක සිසුන් තිදෙනකු පහරදී නවකවදය ලබාදීම සම්බන්ධයෙන් එම සිසුවා කිරිබත්ගොඩ පොලිස් ස්ථාන පැමිණිල්ලක් සිදු කිරීම ද, ඊට උපදෙස් දුන්නා යැයි වෙනත් සිසුන් හය දෙනෙකුට නේවාසිකාගාර තුළ තවත් සිසුන් පිරිසක් විසින් රඳවා තබාගනිමින් ප්‍රශ්න කරමින් පහර දී ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් ස්ථානය වෙත ද,
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුට සමාජ මාධ්‍ය භාවිතා කර අසභ්‍ය දර්ශන යොමුකර නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ද පැමිණිලි ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මින් ඉදිරියට නවක වදය සම්බන්දයෙන් ලැබෙන පැමිණවදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකළ යුතු බවට සහ පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවට නියෝග කරමින් අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා විසින් මේ වනවිටත් සියලුම ජේෂ්ඨ නිලධාරින් වෙත ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.