කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේම ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.
පහර කෑමට ලක්වූ සිසුවා නවකවදයට විරුද්ධ වීම නිසා කලක පටන් ඇතිවූ ආරවුලක් හෙතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට කරුණු අණාවරණය වී ඇත. පහරදීම වැළැක්වීම වෙනුවෙන් උත්සාහ කළ එම සිසුවා රැදී සිටි පුද්ගලික නේවාසිකාගාරයේ භාරකරුටද එම සිසුන් පිරිස පහරදී තිබේ.
පහරකෑමට ලක්වූ අවුරුදු 52ක් වන නේවාසිකාගාර භාරකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.
ඊයේ (23දා) මෙම සිදුවීම සිදුව තිබේ. පහරදීම සම්බන්ධයෙන් සිසුන් 35ක් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔවුන් නිදහස් කර තිබේ.
එසේම වින්දිතයන්ට තර්ජනය කිරීමෙන් වළකින ලෙසද අධිකරණය නියෝග කර තිබේ.