නාලිකා තුනකට එරෙහිව මැකොට පැමිණිලි කරන්න යයි
තම ප්රවෘත්ති විකාශවලදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අඩු ගුවන් කාලයක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ගුවන් කාලයක් ලබාදෙන පෞද්ගලික රූපවාහිනී ආයතන තුනක් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (15දා) පැවසීය.
එම රූපවාහිනී ආයතන ජනාධිපති අපේක්ෂකයන්ට ලබාදෙන ගුවන් කාලයන් සම්බන්ධව දිනපතා නීතිඥයන් කණ්ඩායමක් යොදවා සොයා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක් ආයතනයක ප්රවෘත්ති විකාශයේදී සජිත් ප්‍රේමදාස මහතාට විනාඩි දෙකක කාලයක් ලබාදෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට විනාඩි 12ක්ද, තවත් ආයතනයක් සජිත් ප්‍රේමදාස මහතාට විනාඩියක් ලබාදෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට විනාඩි 13ක්ද, ඉතිරි ආයතනය සජිත් ප්‍රේමදාස මහතාට විනාඩි 02ක් ලබාදෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට විනාඩි 10ක්ද වශයෙන් පෙරේදා රාත්‍රී ප්රවෘත්ති විකාශනවලදී ඉඩ ලබා දී තිබුණු බවද ඔහු කීය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැදිහත් වී මෙම ආයතනවලට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොවුවහොත් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

popular news
-
චමින්ද Tuesday, 15 October 2019 06:38 PM
එහෙම කලොත් ඔබේ ලොක්කගෙ අයියටත් පහර වදින්න පුළුවනි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

