හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළ විශාල නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ආචර්ය මණ්ඩලය දැඩි අපහසු තාවන්ට පත් වී ඇත.
ක්‍රීඩා පිටිය ආසන්නයට උදෑසන කාලයේදී පැමිණෙන බවත්, පවත්නා තත්වය මත ළමුන්ට ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරිමට පවා නොහැකි වි ඇති බව විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය පවසයි.
එසේම පාසල් අවට සැරි සරන නරි රංචුව අල්ලා වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදා හරින ලෙස අදාළ වග කියයුතු නිළධාරින්ගෙන් විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මණ්ඩලය ඉල්ලා සිටියි.


හැටන් රංජිත් රාජපක්ෂ