නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහලට
වෙළඳපොලේ නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියි.හැටන් රුවන්පුර ජනපදය , බගවන්තලාව , මස්කෙලිය වැනි ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින් නයි මිරිස් වගාව මහ පරිමාණයෙන් සිදු කරන අතර , මෙවර අස්වැන්න අඩුවිම හමුවේ නයි මිරිස් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ වෙලෙන්දුන් පැවසීය.
නයි මිරිස් වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හමුවේ එම ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර භාවිතා කරමින් නයි මිරිස් වගාව සිදු කලද එහි අස්වැන්න අඩුවීමත් නයි මිරිස් වගාවට බෝ වන දිලීර රෝගයක් හේතුවෙන් මිරිස් පැළ විශාල වශයෙන් විනාශ විම නිසා මෙසේ නයි මිරිස් මිල ඉහල ගොස් ඇති බවගොවින් පවසයි.
popular news
-
kummahiya Wednesday, 09 February 2022 03:34 AM
vahama mila pahatha helanu
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

