නොරෝච්චෝල පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයෙ පුද්ගලයකු නයෙකු දෂ්ඨ කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය 26 දින පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 40 හැවිරිදි මාම්පුරිය නාවක්කාඩු පදිංචි ජෙයනේෂන් ජෙරෝන් ෂෙල්ටන් නැමති එක් දරු පියකු බව කියයි.
මරණයට පත්වු පුද්ගලයා ප්‍රදේශයෙ නිවාස හා ඉඩම් වල සිටින නයි අල්ලා ඈත ප්‍රදේශ වලට රැගෙන ගොස් දැමිම සිදුකරන අයකු බවත් මෙදිනද නිවසක සිටි නයකු අල්ලා ගෙන රැගෙන යමින් සිටියදි එම නයාගේ දශ්ඨ කිරීමට ලක්ව මරණයට පත්ව ඇති බව පුත්තලම මූලික රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයෙදි අනාවර්ණය වී තිබේ.
මොහු කා අතරත් ජනප්‍රිය අයකු බවත් අල්ලා ගන්නා නයි ලෙන්ගතු ලෙස ස්පර්ශය කිරීමින් දැඩි කැමැත්තක් දැක්වු අයකු බවද කියයි.
මේ නිසාම ප්‍රදේශයෙ කුමන ස්ථානයදී හෝ නාගයන් පැමින සිටින විට එම නාගයින් අල්ලා ගැනිමට මිනිසුන් මොහුට කතා කර රැගෙන යාමටද පුරුදුව සිටි බව කියයි.
25 දින මෙම තැනැත්තා අල්ලා ගත් නාගයා රැගෙන යමින් සිටියදී දෂ්ඨ කර ඇති බවත් රෝහල් යාම පසේක දමා නාගය කැලැවකට දමා පැමින රෝහල් වෙත යාමට කටයුතු කර ඇති බව කියයි.
ඒ වන විටත් නාගයාගේ විෂ මෙම පුද්ගලයාගේ සිරුර පුරා ගමන් කර අසාධ්‍ය තත්වයකින් පසුව සිටි බවත් පුත්තලම මූලික රෝහලේදී ප්‍රතිකාර ලබා බරපතල තත්වයෙන් සිටි මොහු මරණයට පත්ව ඇති බව කියයි.
මිය ගිය පුද්ගලයාට අවුරුදු දහයක දියණීයක් සිටින අතර එම දියණිය හා බිරිද මෙම තත්වය හමුවේ අන්ත අසරණ වී ඇති බව ඥාතින් පවසයි.

