නයිවල උකස් මධ්‍යස්ථානයක් කොල්ලකයි
ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
සේප්පුවෙහි තිබූ මුදල් රුපියල් ලක්ෂ 15 ක් පමණ සහ රුපියල් ලක්ෂ 150 ක් පමණ වන රන් භාණ්ඩ තොගයක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි කොට ඇතැයි පොලීසිය පවසයි.
උකස් මධ්‍යස්ථානයේ සේවිකාවක් උදෑසන උකස් මධ්‍යස්ථානය විවෘත කරනවාත් සමගම කොල්ලකරුවන් දෙදෙනා ඊට ඇතුලුවී අනෙක් සේවිකාවන් දෙදෙනාද පැමිණි පසු ඔවුන් සතුව තිබූ සේප්පුවෙහි යතුරු ලබා ගනිමින් කොල්ලකෑම සිදු කළ බවට එම සේවිකාවන් කළ පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත සේවිකාවන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගනිමින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

